පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි.- විශේෂාංග රැසකින් පොහොට්ටු අපේක්ෂකයා හදුන්වා දීම සිදු වන හැටි.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ඊට නිසි අවසරය නොලැබී තිබෙනවා.
ඒ, හේතුවෙන් එය නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට අපේක්ෂා කරන බව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ සඳහන් කළා.
ඔහු කියා සිටියේ, මැතිවරණ නීති රීතිවලට ගරු කළ යුතු නිසා එම තීරණය ගත් බවයි.
එය හෙට 07 වැනිදා උදෑසන 7.00 ට පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ පැවැත්වීමට නියමිත බවද මිලින්ද රාජපක්ෂ සඳහන් කළ අතර පොදු ජන පෙරමුණ මුල සිටම පැවසු පරිදි ජනාධිපති අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ තීරණය කිසිසේත්ම වෙනස් නොවන බවද ඔහු සඳහන් කළා.
ඒ, අනුව නැටුම්,ගැයුම් ඇතුළු විශේෂාංග රාශියකින් පොහොට්ටු අපේක්ෂකයා ජාතියට හදුන්වා දීම සිදු කෙරෙන බවද ඔහු සදහන් කළේය.
