ලංකාවට ඉදිරියේදී එන භයානක සෞඛ්‍ය අවදානම ගැන අගමැතිනි කට අරී

Report

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ජාතික පුහුණු ආයතනයක් වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය (NIHS) සිය ශත සංවත්සරය (1926–2026) සමරමින් ඓතිහාසික සම්මේලනයක් ඊයේ (01) ආයතන ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළේ, අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට නම් වෙනස්වන අවශ්‍යතාවන්ට අනුවර්තනය විය හැකි කුසලතාපූර්ණ සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකිරීම අත්‍යවශ්‍ය බවයි.

මාතෘ හා ළමා සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ රෝග නිවාරණය වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආයතන හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීම මත ගොඩනැගී ඇති බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය.

"කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ" - ආණ්ඩුවේ තෙල් මිල අඩුකිරීම් රෙද්ද ගලවමින් ගම්මන්පිලගෙන් ආණ්ඩුවට කනේ පාරක්

"කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ" - ආණ්ඩුවේ තෙල් මිල අඩුකිරීම් රෙද්ද ගලවමින් ගම්මන්පිලගෙන් ආණ්ඩුවට කනේ පාරක්

එමෙන්ම වයස්ගත වන ජනගහනය, බෝ නොවන රෝග ව්‍යාප්තිය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන නව සෞඛ්‍ය අවදානම් ජය ගැනීම සඳහා සෞඛ්‍ය සේවකයන්ගේ කුසලතා නවීකරණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

රජය නවීන සෞඛ්‍ය යටිතල පහසුකම්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ ඩිජිටල් තාක්ෂණය සඳහා අඛණ්ඩව ආයෝජනය කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

සම්මේලනයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂ දේශන පැවැත්වූ අතර, “NIHS – Past, Present and Future” යන තේමාව යටතේ ප්‍රධාන දේශනය ආචාර්ය තුෂාර ප්‍රනාන්දු මහතා විසින් සිදු කෙරිණි.

ජූනි මස 2 සහ 3 යන දින දෙකම අවදානම් බව කියමින් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවලට ලොකු බලපෑම්

ජූනි මස 2 සහ 3 යන දින දෙකම අවදානම් බව කියමින් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවලට ලොකු බලපෑම්

මෙහිදී “NIHS – 100 Years” සමරු ග්‍රන්ථය එළිදැක්වීමත්, ශත සංවත්සර සමරු මුද්දරය නිකුත් කිරීමත් සිදු විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, ආයතන අධ්‍යක්ෂවරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ හවුල්කාර සංවිධාන නියෝජිතයින්, විද්වතුන්, සෞඛ්‍ය වෘත්තිකයන් සහ ආදි ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

"වී කිලෝව 80ටත් දෙන්න බෑ" - පොරොන්දු කඩකිරීම ගැන සර්ව ජන බලය රජයට එරෙහිව දැඩි සටනක

"වී කිලෝව 80ටත් දෙන්න බෑ" - පොරොන්දු කඩකිරීම ගැන සර්ව ජන බලය රජයට එරෙහිව දැඩි සටනක