"වී කිලෝව 80ටත් දෙන්න බෑ" - පොරොන්දු කඩකිරීම ගැන සර්ව ජන බලය රජයට එරෙහිව දැඩි සටනක

Report

වී සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙසත්, ගොවීන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසත් සර්ව ජන බලය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම පක්ෂයේ නියෝජිත අනුරාධා යහම්පත් මහතා මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ, වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා ගොවීන් මේ වන විට විරෝධතාවල නිරත වන්නේ සාධාරණ හේතු මත බවයි.

ඔහු පෙන්වා දුන්නේ නාඩු වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 120ක මිලක් ලබාදෙන බවට රජය මීට පෙර පොරොන්දු වූ බවත්, එහෙත් මේ වන විට එම පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල රුපියල් 80ක මිලකටවත් වී අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්ය.

කාදිනල් රංජිත් හිමිට සමාජ මාධ්‍යයෙන් එල්ල වන අපහාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ලයෙන් විශේෂ නිවේදනයක්

කාදිනල් රංජිත් හිමිට සමාජ මාධ්‍යයෙන් එල්ල වන අපහාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ලයෙන් විශේෂ නිවේදනයක්

මහ කන්නයේ අස්වනු නෙළන සමයේ සහල් හිඟයක් පවතින බවට මතයක් නිර්මාණය කර සහල් ආනයනය කිරීමට කටයුතු කිරීම දේශීය වී වෙළෙඳපොළට අහිතකර ලෙස බලපා ඇති බවද ඔහු චෝදනා කළේය.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගොවීන්ට අස්වනු ගබඩාවලට ප්‍රවාහනය කිරීම ද දුෂ්කර වී ඇති බව සඳහන් කළ අනුරාධා යහම්පත් මහතා, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොවීම ද ගොවීන් මුහුණ දෙන තවත් ගැටලුවක් බව ප්‍රකාශ කළේය.

බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කළින් තලපති විජේගේ රජය පෙරළෙයි.. මුළු තමිල්නාඩුවම උණුසුම් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක් එළි වෙයි

බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කළින් තලපති විජේගේ රජය පෙරළෙයි.. මුළු තමිල්නාඩුවම උණුසුම් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක් එළි වෙයි

මාදුරු ඔය දකුණු ප්‍රදේශයේ ගොවීන්ගේ ඉඩම් මහවැලි අධිකාරිය විසින් නිසි පරීක්ෂණයකින් තොරව අත්පත් කරගෙන ඇති බවට ද ඔහු චෝදනා කළ අතර, අධිකරණ තීන්දුවකින් පසු නැවත වගා කටයුතු ආරම්භ කළ ගොවීන්ට ප්‍රදේශයේ දේශපාලන බලපෑම් එල්ල වන බවද පැවසීය.

එමෙන්ම, රට පුරා වගා කටයුතු ප්‍රවර්ධනය කළ යුතු බව අවධාරණය කළ ඔහු, රසායනික පොහොර භාවිතය නිසි ප්‍රමිතියකට යටත්ව සිදු නොවීම හේතුවෙන් පස හා ජල පද්ධති දූෂණයට ලක්වන බව ද සඳහන් කළේය.