පවතින තත්ත්වය සමඟ මෝදිගෙන් මුළු ඉන්දියාවටම ආදර්ශයක්

Report

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ බලශක්ති අර්බුදයට පිළියම් සෙවීමේ පියවරක් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය පරිවාර ආරක්ෂක රථ පෙළ (Convoy) සීමා කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා සහ මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මෙම ආදර්ශමත් තීරණය ගෙන තිබේ.

රියදුරන්ට දැනුම්දීමක් - මේ මාර්ගය තාවකාලිකව වසා දමයි

රියදුරන්ට දැනුම්දීමක් - මේ මාර්ගය තාවකාලිකව වසා දමයි

අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත උපදෙස් ලබා දෙමින් මෝදි මහතා පවසා ඇත්තේ, ආරක්ෂක රථ සංඛ්‍යාව අවම කරන ලෙසත්, ඉන්ධන දහනය වන වාහන වෙනුවට හැකිතාක් දුරට විදුලි මෝටර් රථ (Electric Vehicles) භාවිතයට යොමුවන ලෙසත්ය.

ඉන්ධන නාස්තිය අවම කිරීමේ මෙම වැඩපිළිවෙළ මගින් රජයේ වියදම් පාලනය කිරීමට මෙන්ම පරිසර දූෂණය අවම කිරීමට ද අපේක්ෂා කෙරේ.

මෙන්න මේ දුම්රිය ගමන් සීමා කරයි - නවතම නිවේදනය මෙන්න

මෙන්න මේ දුම්රිය ගමන් සීමා කරයි - නවතම නිවේදනය මෙන්න

අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයත් සමඟ ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත රජයන්හි අමාත්‍යවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් ද සිය නිල රථ භාවිතය සීමා කිරීමටත්, පොදු ප්‍රවාහන හෝ විදුලි වාහන භාවිතයට වැඩි නැඹුරුවක් දැක්වීමටත් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.