පාසල් දරුවන්ට නව තාක්ෂණික අවස්ථාව - අගමැතිනි හරිනි කියයි

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත්තේ දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවයි.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ තාක්ෂණික නිපුණතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන ලෝක රොබෝ ඔලිම්පියාඩ් (WRO) ජාතික තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, වර්තමාන වේගයෙන් වෙනස් වන ලෝකය තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම රටක ජාතික ප්‍රමුඛතාවක් විය යුතු බවය.

තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්

තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වලින් කණ්ඩායම් 66ක් සහභාගී වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව තෙගුණයක වර්ධනයක් බව අග්‍රාමාත්‍ය කාර්යලය සඳහන් කරයි. ​

“Robots Meet Culture” (රොබෝ තාක්ෂණයේ සහ සංස්කෘතියේ හමුව) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම තරගාවලියට සිසුන් 500කට අධික පිරිසක් සහභාගී වූ අතර දේශීය සංස්කෘතිය සහ නවීන ඉංජිනේරු විද්‍යාව මුසු වූ නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.

වාහන රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් - මහජනතාවත් පිළිපදින්න

වාහන රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් - මහජනතාවත් පිළිපදින්න

ලෝක රොබෝ ඔලිම්පියාඩ් වැනි අවස්ථාවන් හරහා අපේ තරුණ පරපුරට තර්කානුකූල චින්තනය, නවෝත්පාදනය සහ සහයෝගීතාව වැනි අත්‍යවශ්‍ය කුසලතා ප්‍රගුණ කිරීමට මහඟු අවස්ථාවක් ලැබෙන බව ඇය පෙන්වා දුන්නාය. 2025 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර රොබෝ ඔලිම්පියාඩ් තරගාවලියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමෙන් මෙරට දරුවන්ට ඉතා වැදගත් අත්දැකීමක් ලැබිණ.

දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට මෙවැනි තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් අවධාරණය කළාය.