වාහන රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් - මහජනතාවත් පිළිපදින්න
පොලිසිය පවසන්නේ පසුගිය වසරට සාපෙක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
යතුරුපැදිකරුවන් සහ පාපැදිකරුවන් වැඩි ප්‍රමාණයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් පසුගිය වසරේ දත්ත දෙස සලකා බැලීමේ දී 31%ක් මිය ගොස් ඇත්තේ මාර්ගයේ ගමන් කරන මගී ජනතාව වන බවත් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසුවේය.
ඒ අනුවේ මෙම වසරේ දත්තවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවත් විශේෂයෙන් මාර්ගයේ ගමන් කරන ජනතාව ආචාර්ය ධර්ම අනුව කටයුතු කිරීමෙන් මෙම අනතුරු අවම කර ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා,
''පාරේ දකුණු පැත්තෙන් යන්න.. අවධානයෙන් යන්න. ටෙලිෆොන් එකෙන් කතා කර කර යන්න එපා.පාර පයින අවස්ථාවේ දීත් විමසිල්ලෙන් පාර පයින්න. ඒ වගේම රියදුරන්ට කියන්නේ.. විශේෂයෙන්ම අපි මත්ද්‍රව්‍ය පරීක්ෂණ තීව්ර කරලා තියෙනවා.බීමත් රියදුරන් හොයන පරීක්ෂණ තීව්ර කරලා තියෙනවා.සමාජයේ ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙනවා මේ අනතුරු සහ අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන්.''