ඇමති චතුරංග ආයෙත් සමාජ ජාලා කතාවලට උත්තර දෙයි

Report

සමාජ ජාලා ඔස්සේ එල්ලවූ චෝදනාවලට පිළිතුරු ලෙස, ප්ලග් බේස් භාවිතය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පැවසූවේ, එය ජාතික ඩිජිටල් හැඳුනුම්පත ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයන ආකාරයකින් යුතුව සිදුවන කටයුත්තක් බවයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

පාර්ලිමේන්තුවේදී ඔහු තවදුරටත් පැවසුවේ, එම ප්ලග් බේස් නිවසේ භාවිතය සඳහා නොව කර්මාන්ත ශාලා මට්ටමින් භාවිතය සඳහා බවයි.

“මම දැක්කා සමාජ මාධ්‍යවල ප්ලග් බේස් එකක් අරගෙන දඟලනවා. ප්‍රධාන විපක්ෂයත් ඒක ගත්තා කරට. රුපියල් 72,000ට කොහොමද ප්ලග් බේස් එකක් තියෙන්නේ කියන එක ඉතින් සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට හිතෙනවනේ මේක වෙන්න බැහ කියලා. ඉතින් අර කියපු බොරුව කරේ තියාගෙන ඔක්කොමලා ගියා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ඉතින් ඒ නිසා ඒ ක්‍රියාවලියේදී ඉතාමත් පැහැදිලිව ඩිජිටල් අමාත්‍යංශය පැහැදිලි කරලා තියෙනවා මේක අපි ගෙදර පාවිච්චි කරන ප්ලග් එකක් නෙමෙයි ප්ලග් බේස් එකක් නෙමෙයි. මේක ඉන්ඩස්ට‍්‍රියල් ප්ලග් බේස් එකක්. මේක ගේන්නේ අපේ ඩිජිටල් හැඳුණුම්පත හදා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අවශ්‍ය කරන තාක්ෂණික යටිතල පහසුකම ලබා දෙන්න. ඒ වගේම මේ ක්‍රියාවලියට මොරටුව විශ්වවිද්‍යාලයත් ප්‍රොක්යුමන්ට් කමිටි එකත් එකතු වෙලා හදපු ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස් සහ ලෝකස් ස්ටෑන්ඩස් එකතු වෙලා තමයි මේ කොටේෂන් කෝල් කරලා තියෙන්නේ. ඒ කොටේෂන් කෝල් කරහම අනෙක වල අනිත් අයත් බිට් කරලා තියෙනවා. ඒ නිසා කවුරුහරි ඒ ගැන සාකච්ඡා කරනවා නම් එක ආයතනයක බිඩ් එක විතරක් නෙමෙයි අනිත් ආයතන වලත් බිඩ් එක බලන්න ඕනේ.

ප්‍රකාශයක් දෙන්න වෙන බයට සුජීව රටින් පැනලා

ප්‍රකාශයක් දෙන්න වෙන බයට සුජීව රටින් පැනලා

ඒ වගේම මේකේ තිරසාර පැත්ත බලලා තියෙනවා එතකොට අඩුම මිල තියෙන එක්කෙනාට පමණක් නෙමෙයි හම්බවෙන්නේ. මේක විවිධ නිර්ණායක මත තමයි මේ කමිටුව මේ කමිටුව තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා ආණ්ඩුවට ගහන්න ඕන වුනාට මොකක් හරි අරන් ගැහුවට වැඩක් නෑ. ඒකේ පදනමක් නැහැ"