ප්‍රකාශයක් දෙන්න වෙන බයට සුජීව රටින් පැනලා
පසුගිය දා රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුතු වී එයිට් වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කර ඇති බවට හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට චෝදනා එල්ල විය, නමුත් ඔහු ඒ සදහා ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කළ කැදවීම හය වතාවක්ම විවිධ හේතු මත මග හැර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හෙළි වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අධිනීතීඥවරයා මෙම කරුණු අනාවරණය කළ අතර, ඔහු තවදුරටත් විමර්ශන සදහා සහාය නොදක්වන්නේ නම්, අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ හැකි බවද පවසා තිබේ. මේ අවස්ථාවේ සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා පවසා ඇත්තේ, රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සදහා ඔහු විදෙස්ගතව ඇති බවයි.
එලෙස ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස්ගත වූවානම් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කර තිබේ.
