රජයෙන්, මැයි 15 වෙනකම් ලැබෙන සහනය.. ගන්න පුලුවන් පිරිස වගේම.. විදිහත් දැනුම්දෙයි..(PHOTO)

Government Of Sri Lanka Ministry of Agriculture Latest Headlines Decision Making National People's Power - NPP
By krishani Jan 09, 2025 03:01 PM GMT
krishani

krishani

Report

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) ආරම්භ කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වන්නේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො.25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වේ.

ඊයේ 300 සීමාවේ පිම්මේ දුවපු ඩොලරයට.. අද වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. මහ බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

ඊයේ 300 සීමාවේ පිම්මේ දුවපු ඩොලරයට.. අද වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. මහ බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. හෙට සිට කාලගුණයේ වෙන දෙය මෙන්න..

ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. හෙට සිට කාලගුණයේ වෙන දෙය මෙන්න..

ඒ අනුව, අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමූපකාර සමිතියකට රු.මි.50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකිය.

එමෙන්ම, අදාළ ණය මුදල දින 180ක් තුල ගෙවා අවසන් කල යුතු වේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු කිහිපයක් හරහා නිදහස් කිරීමට සැලසුම් කර ඇත.

මෙම ණය මුදලේ වටිනාකම රු.මි. 10,000ක් වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් 30 වන දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය මෙම වර්ෂයේ ජනවාරි මස 03 දින සිට මැයි මස 15 දින දක්වා ක්‍රියාත්මකය. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත නිවේදනයෙන්,

You May Like This Video👇 

Gallery
ReeCha