ගුවන් යානයක් යානය උඩු යටිකුරු වෙයි. - 18දෙනෙකුට සිදු වූ දේ මෙන්න. - (VIDEO)

Accident World
By Wayomi Feb 18, 2025 06:30 AM GMT
Wayomi

Wayomi

Report

කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානයක් ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බස්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කැනේඩියානු බලධාරීන් පවසන්නේ, අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

එම අනතුරින් පසු යානය ගිනි ගැනීමකට ලක්ව ඇති නමුත්, ගිනි නිවන භටයින් වහාම එය නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගුවන් තොටුපොළ අවට දැඩි සුළං සහ හිම පතනයක් වාර්තා වන බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සෝලා විදුලිය සීමා කරන්න විදුලි බල මණ්ඩලය විශේෂ තීරණයක.?

සෝලා විදුලිය සීමා කරන්න විදුලි බල මණ්ඩලය විශේෂ තීරණයක.?

එක්වරම පාන් මිල ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට. - නව මිල ගණන් මෙන්න. - (නිවේදනය සහිතයි)

එක්වරම පාන් මිල ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට. - නව මිල ගණන් මෙන්න. - (නිවේදනය සහිතයි)


ReeCha