භූතාන සංචාරය නිමා කළ අගමැතිනි හරිනි යළි දිවයිනට පැමිණෙයි

Report

භූතානයේ පැවති 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය යළි දිවයිනට පැමිණ තිබේ.

සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වී තිබිණි. ඒ අනුව අග්‍රාමාත්‍යවරිය භූතාන රජු වන ජිග්මේ ඛේසාර් නම්ගියෙල් වංචුක් රජතුමා හමුවී සාකච්ඡා කර ඇති අතර, භූතාන අග්‍රාමාත්‍ය දාශෝ ත්සේරින්ග් තොබ්ගේ මහතා සහ අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍ය යීසං දේ තපා මහත්මිය සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි"- ජනාධිපති අනුර කුමාරගේ දැවැන්ත ජන රැලි මාලාව අදින් ඇරඹේ

අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි"- ජනාධිපති අනුර කුමාරගේ දැවැන්ත ජන රැලි මාලාව අදින් ඇරඹේ

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා කර ඇත.

සංචාරය අතරතුරදී තිම්පුහි තාෂිචෝ ඩ්සොං විහාරස්ථානය වැඳ පුදා ගැනීමටද අග්‍රාමාත්‍යවරිය එක්ව තිබේ. ඊට අමතරව රාජකීය රෙදිපිළි කෞතුකාගාරය, සෙම්ටොකා ඩ්සොං බලකොටුව සහ පාරෝහි භූතාන ජාතික කෞතුකාගාරයද ඇය නැරඹීය.

සැප්තැම්බර් 05 වැනිදා සිය නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය Royal Bhutan Airlines හි KB 200 දරන ගුවන් යානයෙන් යළි දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අධ්‍යාපනය, සංස්කෘතිය, පරිසරය, තිරසාර සංවර්ධනය සහ ජනතා සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කිරීමට මෙම සංචාරය වැදගත් අවස්ථාවක් වූ බව සඳහන් වේ.

මාතලේ උකුවෙලින් අසන්නට ලැබුණු සංවේගජනක පුවත - 16 හැවිරිදි පුතාගෙන් පියාට තියුණු ආයුධ ප්‍රහාරයක්!

මාතලේ උකුවෙලින් අසන්නට ලැබුණු සංවේගජනක පුවත - 16 හැවිරිදි පුතාගෙන් පියාට තියුණු ආයුධ ප්‍රහාරයක්!