සෝලා විදුලිය සීමා කරන්න විදුලි බල මණ්ඩලය විශේෂ තීරණයක.?
ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවන අවස්ථාවල සූර්ය බලශක්ති පද්ධති මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව රජය විසින් 18දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ජාතික විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉංජිනේරුවරයා බවත් සඳහන්.
විදුලි බල මණ්ඩලයේ අදහස වී ඇත්තේ විදුලි ඉල්ලුම අඩු ඉරිදා සහ නිවාඩු දිනවල ජාතික පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා සීමා කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය වී ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.