ඊජිප්තුවෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්- ප්‍රකට රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12කට මරණ දඬුවම

By Kanchana Sep 06, 2026 03:25 AM GMT
Report

ඊජිප්තු අධිකරණයක් විසින් රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට වරදකරුවන් කර මරණ දඬුවම නියම කර තිබේ.

විකිණීම සඳහා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනය කළ “අපරාධ කල්ලියක” සාමාජිකයන් ලෙස ඔවුන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

තීන්දුව පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කර තිබුණද, ඊජිප්තුවේ මරණ දඬුවම් නඩු සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාපටිපාටියක් අනුව එය තහවුරු කිරීමට පෙර රටේ මහා මුෆ්ටිවරයාගෙන් ආගමික මතයක් ලබා ගැනීමට අධිකරණයට සිදුව තිබේ. කෙසේ වෙතත්, අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට අවස්ථාව පවතී.

නඩු විභාගයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දී තිබේ. එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ආනයනය කළ අමුද්‍රව්‍යද බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් වේ. නඩුව සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 20 දෙනෙකු නඩු පවරන්නන් වෙත ප්‍රකාශ ලබා දී ඇති අතර, විද්‍යුත් සාක්ෂි ලෙස සංවාද සහ වීඩියෝ දර්ශනද ඉදිරිපත් කර තිබේ.

රටවල් 111ක් පරදා ඩොමිනිකන් සුන්දරිය ජොහයිරි මෝලා ලෝක රූ රැජින වෙයි - පළමු සහ දෙවන අනුශූරතාවලිය ස්පාඤ්ඤයට සහ මැලේසියාවට

රටවල් 111ක් පරදා ඩොමිනිකන් සුන්දරිය ජොහයිරි මෝලා ලෝක රූ රැජින වෙයි - පළමු සහ දෙවන අනුශූරතාවලිය ස්පාඤ්ඤයට සහ මැලේසියාවට

විත්තිකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන්ද වරදකරුවන් කර ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර නීතිය සහ ප්‍රමිතීන් යටතේ මරණ දඬුවම යෙදීම සීමා කළ යුතු අපරාධ අතරට එවැනි චෝදනා ඇතුළත් වන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

සාරා කලීෆා කවුද?

චෝදනා ප්‍රතික්ෂේප කර ඇති 39 හැවිරිදි සාරා කලීෆා ඊජිප්තුවේ රූපවාහිනී නිවේදිකාවක වන අතර, අපරාධ සම්බන්ධ කරුණු පිළිබඳව අවධානය යොමු කළ “Mission Impossible” නම් රූපවාහිනී වැඩසටහන හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති අධිකරණ විභාගයකදී විනිසුරුවරයා විසින් ඇය නඩුවට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. එහිදී කලීෆා පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය විරෝධී අධිකාරියේ කාර්යාල තුළ නිලධාරීන් සමඟ ඡායාරූපවලට පෙනී සිටින අවස්ථාව වන තෙක් තමන් කිසිදු මත්ද්‍රව්‍යයක් දැක නොතිබූ බවයි.

මේ අතර, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ 2025 වාර්තාවකට අනුව, එම වසර තුළ ඊජිප්තුවේ අධිකරණ මගින් මරණ දඬුවම් 492ක් නියම කර ඇති අතර, පුද්ගලයන් 23 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න