අස්වැසුම වගේ පිනට දෙන ක්‍රම වහාම අහෝසි කරන්න යෝජනාවක්

Report

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝග සඳහා රජයට පමණක් දොස් පැවරීම ප්‍රමාණවත් නොවන අතර, ජනතාවද තම පරිභෝජන රටාවන් පිළිබඳ වගකීමෙන් කටයුතු කරමින් අරපිරිමැස්මෙන් ජීවත් වීමට පුරුදු විය යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසති.

උන්වහන්සේ සඳහන් කරන්නේ, විදුලිය, ජලය සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සේවාවන්ගේ මිල ඉහළ යාම පිළිබඳව ජනතාව නිරන්තරයෙන් මැසිවිලි නඟන නමුත්, බොහෝ දෙනෙකු තුළ නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති බවයි.

පසුගිය දිනවල නාමල් උයන නැරඹීමට පැමිණි පිරිස් සහ මාර්ගවල ගමන් කරන තරුණයන් නිරීක්ෂණය කිරීමේදී, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා ඉන්ධන විශාල වශයෙන් භාවිත කරන ආකාරය දැකගත හැකි වූ බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි

රට තුළ දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ සහනාධාර මත පදනම් වූ ක්‍රමවේදය දැඩි ලෙස විවේචනය කළ රාහුල හිමියෝ, නිදහසින් පසු කාලය පුරාම ජනතාව “නිකන් ලැබෙන දේ” අපේක්ෂා කිරීමට හුරු වී ඇති බව සඳහන් කළහ.

උන්වහන්සේගේ අදහස අනුව, දිගුකාලීන සහනාධාර වැඩසටහන් මඟින් ජනතාව ස්වයංපෝෂිත කිරීමක් සිදු නොවන අතර, එය රටේ ආර්ථිකයට අමතර බරක් බවට පත්වේ.

වත්මන් රජය ක්‍රියාත්මක කරන ‘අස්වැසුම’ සුභසාධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, එවැනි සහනාධාර වැඩසටහන් සදාකාලිකව ලබාදීම වෙනුවට නිශ්චිත කාලසීමාවකට පමණක් සීමා කළ යුතු බවයි.

ලෝකයම කැළඹූ ලන්ඩන් බන්ධනාගාර නිලධාරිනියගේ රහස් ලිංගික වීඩියෝවේ සුලමුල එළියට

ලෝකයම කැළඹූ ලන්ඩන් බන්ධනාගාර නිලධාරිනියගේ රහස් ලිංගික වීඩියෝවේ සුලමුල එළියට

“අස්වැසුම වගේ දේවල් මාස හයකට, අවුරුදු දෙකකට වගේ කාලයකට දීලා, එතනින් පස්සේ මිනිස්සු ස්වයංව නැගිටින වැඩපිළිවෙළක් හදන්න ඕනේ. හැමදාම සහනාධාර දීලා මේ රට ගොඩනගන්න බැහැ” යැයි උන්වහන්සේ අවධාරණය කළහ. 

රාහුල හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නේ සහනාධාර මත යැපෙන ආර්ථිකයක් නොව, ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක වන, ස්වයංපෝෂිත සහ වගකීම් සහිත ආර්ථික සංස්කෘතියක් බවයි.

ඒ සඳහා රජය මෙන්ම ජනතාවද තම තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව උන්වහන්සේගේ අදහස වී තිබේ.

ඉරෙන්නේ නැති, තෙමෙන්නේ නැති අලුත්ම මුදල් නෝට්ටුවට යෝජනාවක්

ඉරෙන්නේ නැති, තෙමෙන්නේ නැති අලුත්ම මුදල් නෝට්ටුවට යෝජනාවක්