අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි

Report

ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පවරා තිබූ රුපියල් බිලියනයක (රුපියල් කෝටි 100ක) අලාභ වන්දි නඩුව සම්බන්ධයෙන් කොළඹ අතිරේක දිස්ත්‍රික් අධිකරණය ලබා දී තිබූ ප්‍රතික්ෂේප නියෝගය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය විසින් ඉවත් කර තිබේ.

විනිසුරුවරුන් වන චින්තක ශ්‍රීනාත් ගුණසේකර සහ එච්. එස්. පොන්නම්පෙරුම යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව නඩු වාර්තා නැවත කොළඹ දිස්ත්‍රික් අධිකරණය වෙත යොමු කරමින් නඩුව නැවත විභාගයට ගැනීමට නියෝග කර ඇත.

පාස්කු නඩුවේ 3 වන සැකකරු සුරේෂ් සලේ ගැන බිරියගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පාස්කු නඩුවේ 3 වන සැකකරු සුරේෂ් සලේ ගැන බිරියගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

මෙම නඩුව 2019 ජනාධිපතිවරණ සමයේ සිදුවූ බව කියන අපහාස සහ කීර්තිනාමයට හානි සිදුකිරීම් මත පදනම්ව පවරා ඇති අතර, පැමිණිලිකරු චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීම යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහාස සිදු වූ බවයි.

දිස්ත්‍රික් අධිකරණය මීට පෙර 2023 මැයි 31 දිනදී සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46(2) වගන්තිය අනුව පැමිණිල්ල ප්‍රතික්ෂේප කර තිබූ අතර, එහිදී නඩු නිමිත්ත පැහැදිලිව සඳහන් නොවීම සහ කාලාවරෝධය සම්බන්ධ ගැටලු එම තීරණයට හේතු ලෙස දක්වා තිබුණි.

කෙසේ වෙතත්, අභියාචන මහාධිකරණය පෙන්වා දී ඇත්තේ එම අවස්ථාවේදී පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීම නීතිමය වශයෙන් නිසි නොවන බවයි. විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ කාලාවරෝධය වැනි සංකීර්ණ නීතිමය කරුණු මූලික අවස්ථාවේදීම පැමිණිල්ල මත පමණක් පදනම්ව තීරණය කළ නොහැකි බවත්, ඒවා සාක්ෂි විභාගය මගින් තහවුරු කළ යුතු බවත්ය.

ලෝකයම කැළඹූ ලන්ඩන් බන්ධනාගාර නිලධාරිනියගේ රහස් ලිංගික වීඩියෝවේ සුලමුල එළියට

ලෝකයම කැළඹූ ලන්ඩන් බන්ධනාගාර නිලධාරිනියගේ රහස් ලිංගික වීඩියෝවේ සුලමුල එළියට

ඒ අනුව, 2023 මැයි 31 දින දිස්ත්‍රික් අධිකරණය ලබා දුන් ප්‍රතික්ෂේප නියෝගය සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති අතර, නඩුව නැවත මුල සිට විභාගයට ගැනීමට නියමිතය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, කේ. ඩී. ලාල්කාන්ත, බිමල් රත්නායක ඇතුළු පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණ නම් කර ඇති අතර, නීතිඥ මණ්ඩල කිහිපයක් අධිකරණයේ පෙනී සිට ඇත. තීන්දුවත් සමඟ මෙම දීර්ඝ කාලයක් පවතින නඩුව නැවතත් කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ සක්‍රීයව විභාගයට ගැනීමට නියමිතව ඇත. 

ධනුෂ් දේශපාලනයට? පියා කස්තුරි රාජාගෙන් දේශපාලන ලෝකයටම බලවත් ඉඟියක්

ධනුෂ් දේශපාලනයට? පියා කස්තුරි රාජාගෙන් දේශපාලන ලෝකයටම බලවත් ඉඟියක්