පියුමි හංසමාලි උපන් දිනයදා අම්මාගේ අතේ දියමන්ති පැළඳු හැටි. - (PHOTOS)
By Wayomi
පියුමි හංසමාලි කියන්නේ දවසින් දවස සමාජ මාධ්‍යවල විවිධ කතන්දර මවන චරිතයක්නේ.
පහුගිය කාලයේ ඇය ගැන ඇයගේ වත්කම් ගැන දැඩි ආන්දෝලනාත්මක පුවත් එළියට ආවට දැන් නම් සමාජය පොඩ්ඩක් සාමකාමී වෙලා.
හැබැයි ඉතින් මේ කියන්න යන එකෙන් කට්ටිය අයේ කැළඹෙයි ද කියලා නම් දන්නේ නෑ.
ඉතින් මේ කියන්න හදන්නේ පියුමිගේ මවගේ උපන් දින තෑග්ග ගැනයි.
අම්මා තාත්තා ආස කරන පුංචිම පුංචි දෙයක් හරි අරන් දුන්නාම ඒ මූණුවල පිරෙන සතුට, දරුවන්ගේ හිත්වල ඇති කරන්නේ කියාගන්න බැරි තරමේ ඊටත් වඩා මහා ලොකු සතුටක්. සැනසීමක්.
කාලයක් අම්මා තාත්තා, දරුවො වෙනුවෙන් දේවල් කළා. ඉතින් දරුවන්ට පුළුවන් කාලේ අම්මා තාත්තා වෙනුවෙන් දේවල් කරන්න ලැබීම කෙතරම් වාසනාවක් ද.
ඉතින් පියුමි අද අම්මා සතුටු කරලා තිබුණේ මවගේ සිහිනයක් සැබෑ කරමින්... වටිනාම තෑග්ගක් ලබාදෙමින්.






