නූතන පරම්පරාවේ අලුත් බලවේගය. - ජනපති අපේක්ෂක නාමල්.. හැර ගිය අය යළි භාරගනී. - (VIDEO)

Report

පක්ෂය අතහැර ගිය අයට නැවත ආපසු පක්ෂයට එන්නයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.

දවසින් දවස රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - විවහා වෙන්න ඉන්න අයටත් සුබයි. - නව මිල ගණන් මෙන්න.

දවසින් දවස රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - විවහා වෙන්න ඉන්න අයටත් සුබයි. - නව මිල ගණන් මෙන්න.


ඔහු බව ප්‍රකාශ කළේ, ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කොළඹ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

බිත්තර රුපියල් 35ත් අඩුවෙන්. - එය අඩු වන ප්‍රමණය ගැන වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්.

බිත්තර රුපියල් 35ත් අඩුවෙන්. - එය අඩු වන ප්‍රමණය ගැන වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්.


"පක්ෂයේ දේශපාලන මණ්ඩලයට , පාක්ෂිකයන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේ දී මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම භාර දීම පිලිබඳව විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා. පැහැදිලිවම අපි අභියෝග භාර ගන්න සූදානම්. අභියෝග තිබෙන අවස්ථාවක දී තමයි නායකත්වයට තරුණයන් අවශ්‍ය වන්නෙත්.

යලිත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වෙනස් වීමක්. - නව මිල පරාසයන් මෙන්න.

යලිත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වෙනස් වීමක්. - නව මිල පරාසයන් මෙන්න.


අපි අපේ පාක්ෂිකයින් සහ අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණයින් අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලනය මල්ඵල ගැන්වීමට පොදුජන පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියටත් ජනාධිපති අපේක්ෂකයා හැටියටත් අපේ පක්ෂය හැර ගොස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටන අපේ පොහොට්ටුවේ සියළු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත් අමනාපකම් , සිදු වූ අඩුපාඩුකම් අමතක කර අපි සමඟ නැවත එකතු වන ලෙසට. අපි අනිවාරයෙන්ම ජයග්‍රහණය කරනවා. මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණයයි. පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණයයි.

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)


මැතිවරණය කියන්නේ අභියෝගයක්. අභියෝග වලට මුහුණ දෙන්න තමයි තරුණ අපි ඉන්නේ. අපේ ගනුදෙනුව තිබෙන්නේ අපේ පාක්ෂිකයින් සමගයි. පාක්ෂිකයින් ආරක්ෂා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යාමට අපි කැපවෙනවා."