පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

Report

ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (23) තීරණය කලේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ටිඑම්විපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමටයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) (නීතිය ඉදිරියේ අසමානව සැලකීම), 12(2) (දේශපාලන මතය අනුව වෙනස්කම් සිදුකිරීම), 13(1) (හේතු නොදක්වා අත්අඩංගුවට ගැනීම) සහ 13(2) (නීතියේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව අත්අඩංගුවට ගැනීම) යන වගන්ති යටතේ මෙම නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා.

පෙත්සම්කාර පිල්ලෙයාන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සමග නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙනී සිටිනු ලැබුවා. 

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

ඔන්න දැන් පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි වෙන්න යන්නේ

ඔන්න දැන් පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි වෙන්න යන්නේ