වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

Report

අධ්‍යාපනයේ බරට හේතුව පාසල් බෑගය නොව, පවතින විභාග ක්‍රමය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා අද (23) කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, වාර විභාග සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා හෙට (24) සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

මේ අතර, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (22) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

එමෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෞන්දර්ය විෂය අනිවාර්ය නොකිරීමට එරෙහිව, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨ තුනෙහි ආචාර්යවරුන් අද (2025.07.23) විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මළබෙර වාදනය කරමින් විරෝධතාවක නිරත වූහ.

මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළහ.

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න

අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න