මේ උපාධිධාරීන්ගෙන් රජයට සේවයක් ගැනීමට සූදානමක් - නව වැඩසටහනක් ගැන දැනුම්දෙයි
ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග පාලනයේ දී අදාළ රෝගීන්ට තමා භාවිතා කරන ඖෂධ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා දීමටත්, වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පුර්ණ ප්‍රතිඵලය ලබා ගැනීමටත් ඖෂධවේදී උපාධිධාරීන්ගේ දැනුම හා කුසලතා දායක කර ගැනීම වෙනුවෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ පිළිබඳව අවධානය යොමුව ඇත්තේ රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයකට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදීයි.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය' මඟින් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේ දී, තමා භාවිත කරන ඖෂධ වට්ටෝරුව පිළිබඳව විධිමත් තොරතුරු රෝගීන් වෙත ලබා දීමට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවාව ඉදිරියේදී යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මහජන මුදල් වැයකොට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහි කරන ඖෂධවේදී උපාධිධාරීන්ගේ දැනුම හා කුසලතා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව ඔස්සේ මෙරට ජනතාව වෙත ලබා දීමට මෙයින් අවස්ථාවක් සැලසෙනු ඇති බවයි.
එමෙන්ම රෝගීන් තමා භාවිතා කරන ඖෂධ පිළිබඳව මනා අවබෝධයකින් පසු වීම ඔස්සේ ඖෂධ මඟින් සිදුවිය හැකි අතුරු ආබාධ වළක්වා ගැනීමට මෙන්ම, එම ඖෂධ නිර්දේශ කිරීමෙන් වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පූර්ණ සුවය රෝගියා වෙත ළඟා කර දීමට ද මෙමඟින් හැකියාව ලැබෙන බව එහිදී අවධාරණය කර ඇත.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, යූ.ඒ.එස්.එච්. සිසිර කුමාර, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ, රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න සහ එහි ප්‍රධාන ලේකම් චමීර කල්හාර ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ බව සඳහන්.