ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු වන මොහොමඩ් ෆසල්, එම ප්‍රහාරය පිළිබඳව මෙතෙක් හෙළි නොවූ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී අනාවරණය කර තිබෙනවා.
එම සාකච්ඡාවේදී මොහොමඩ් ෆසල් සඳහන් කරන ආකාරයට මෙම ප්‍රහාරය ඉන්දියාවේ ‘රෝ’ සංවිධානය මෙහෙයවූවක් නොව, එය සම්පූර්ණයෙන්ම අමෙරිකානු ව්‍යාපෘතියක් වේ.
එමෙන්මස් ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් සැලකෙන සහරාන් හෂීම් සම්බන්ධ කර ගැනීමට අමෙරිකානු බලධාරීන් විසින් ‘අබූහින්’ නමැති ව්‍යාජ චරිතයක් නිර්මාණය කළ බවත් ඔහු පවසයි.
දැන් ලැප් එකෙයි ෆෝන් එකෙයි බිරිඳ එක්ක කරපු පෞද්ගලික කතා සහ දුවගේ ෆොටෝ තියෙනවා.. සලේ පාස්වර්ඩ් නොදෙන හේතුව නීතීඥයා කියයි
ෆසල්ගේ මතය වන්නේ මෙම අබූහින් මුලින්ම සහරාන්ගේ මල්ලි හරහා ඔහු සම්බන්ධ කරගෙන අනතුරුව සහරාන්ව ප්‍රහාරය සඳහා පොළඹවා ඇති බවයි.
එමෙන්ම මෙම සාකච්ඡාවේදී ඔහු කළ තවත් හෙළිදරව්වක් නම්, සහරාන් ඇතුළු පිරිසගේ මුල් සැලසුම තිබුණේ කිතුනු දේවස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට නොවන බවයි.
ඔවුන්ගේ මූලික ඉලක්කය වී තිබුණේ පොසොන් හෝ වෙනත් පෝය දිනක පැවැත්වෙන බෞද්ධ පෙරහරකට ප්‍රහාර එල්ල කිරීම බව ඔහු සඳහන් කර ඇත්තේ බෞද්ධ ජනතාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් රට තුළ විශාල කලබලයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වූ බවයි.
කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කිරීමට ඔවුන් අප්‍රේල් 14 වන දින පැවති අවුරුදු උත්සවයකට ද සැලසුම් කර තිබුණත්, ඒ වන විට පුපුරන ද්‍රව්‍ය නිසි ලෙස වේළී නොතිබීම නිසා එම සැලසුම වෙනස් වූ බවත් ඔහු අනාවරණය කර ඇත.
එම පුපුරන ද්‍රව්‍ය කඩිනමින් වේළා ගැනීමට සහරාන්ගේ පිරිස වොෂින් මැෂින් එකක් පවා මිලදී ගෙන ඇති අතර, ප්‍රහාරයට පෙර බෝම්බ ප්‍රවාහනය කළ ලොරියේ මෙම වොෂින් මැෂින් එක ද තිබූ බව ඔහු ප්‍රකාශ කරයි.
එමෙන්ම මෙම ප්‍රහාරයේ අවසන් අරමුණ වූයේ එවකට පැවති යහපාලන රජය පෙරළා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා නායකයෙකු බලයට ගෙන ඒම බව ෆසල් සඳහන් කර ඇත. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට පිවිසීමට අවශ්‍ය පසුබිම මෙම ප්‍රහාරය ඔස්සේ නිර්මාණය වූ බවත්, ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ ලිපි ලේඛනවල පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳවත් ෆසල් මෙහිදී කරුණු අනාවරණය කර ඇත.
තවද දැනට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති ප්‍රධාන සැකකරුවන් 24 දෙනාගෙන් වැඩි පිරිසක් නිර්දෝෂී බව තමන් විශ්වාස කරන බවත්, ඔවුන් සඳහා නීතිඥ ගාස්තු සහ ඔවුන්ගේ පවුල්වල නඩත්තුව සඳහා තමන් පෞද්ගලිකව වියදම් කරන බවත් ඔහු හෙළි කර ඇත.
සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න
මේ සඳහා මේ වන විටත් තමන් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බවත් සඳහන් කරන මොහොමඩ් ෆසල් අසාධාරණයට ලක්ව ඇති මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, සැබෑ සැලසුම්කරුවන් සැඟවී සිටින බවත් පවසයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම කරුණු පිළිබඳව සාක්ෂි සහිතව ඕනෑම තැනකදී කරුණු දැක්වීමට තමන් සූදානම් බවයි.
" පොසොන්වලට ගහන්න හිටියේ ඔයාට මතකද දන්න ඒ දවස්වල සිල් ඇඳුම් ඔක්කොම අරන් තිබ්බා. සිල් ඇඳුම් අරගෙන චර්ච් එකට ගහන්න යන්නේ නෑනේ... බෞද්ධ ජනතාවගෙන් කොටසකට තමයි අගතියට පත් වුණේ. ක්‍රිස්තියානින්ගෙන් කිසි හානියක් ලංකාවේ මුස්ලිම් අයට වෙලා නැහැ.. මොනාද වුණෙේ කිව්වොත් සහරාන් කියන්න අමු ගවයෙක්. එයාට ප්ලෑන් එකක් නෑ. එයා වෛරයෙන් හිටියේ. ඒ ගොල්ලෝ පානදුරේ සේෆ් හවුස් එකේ තමයි හිටියේ.
අතන ඉඳලා කොළඹට එන්නත් බයයි අරස්ට් වෙයි කියලා. ඒ ගොල්ලෝ බැලුවේ බීච් එකේ සෙනඟ රොක් වෙනවානේ එහෙම බලලා කරමු කියලා. ඊට පස්සේ අවුරුදු උත්සවේකට කරමු කියලා ප්ලෑන් කළා. අප්‍රේල් 14, 13 එනවනේ. හැබැයි ඒක කරන්නත් කාලය මදි ඇයි කිව්වොත් අර පුපුරන ද්‍රව්‍ය වේලෙන්න ඕනා. ඒක වේලෙන්න කල් යනවා එතකොට පොසොන් දවසට ගහන්න කල් මදි. ඉතින් මේගොල්ලෝ වොෂින් මැෂින් එකක් ගත්තා වේලන්න. එතකොට ඒක සෙට් වුණේ පාස්කුවලට. හැබැයි මේ ගොල්ලන්ට හදිසියක් ඕනේ නෑ පාස්කුවලට ගහන්න පොසොන් ගහනවා හැබැයි මාර්තු අස්සේ මෙතන බෙදුනනේ.
ඒ නිසා සහරාන්ලා බය වුණා. ඉතින් මෙතැනදී කට්ටිය බෙදුනානේ ඒගොල්ලොත් අන්තවාදී සෙට් එකක්. ඒගොල්ලොන්ට බියක් දැනුන පාවල දෙයි කියලා ඒ නිසා හදිස්සියේම ඒක තියාගන්න ඕන වුණා. නැත්තම් පොසොන් වෙනකල් ඉන්න මෙයාලට කාලේ තිබ්බා. සාරාන් කොහොමද කියල කිව්වොත් ආගම අතෑරල දාපු කෙනෙක්ව මරන්න ඕන වෙලා තුවක්කුව වැඩද බලන්න ඒක හිඟන්නෙකුට තියලා බලමුද කියලා කියපු පුද්ගලයෙක්. ඒ වගේ තිරිසන් ජාතියේ මිනිහෙක්"
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව