පුංචි ධනුජව රෝහලටම සොයාගෙන ආ මාරයා..පියවි සිහිය ලැබීමටත් පෙර සිදුවූ අපරාධය..

Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Latest Headlines
By Sewvandhi Dec 23, 2024 01:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මියයාම සම්බන්ධයෙන් රෝහලේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බව සඳහන් කරමින් එම දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

අඟුරුවාතොට, හල්තොට, පෙතිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ ප්‍රධාන පාසලක සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රමආරච්චි නම් දරුවා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මුළු ලංකාවටම වැදගත් ජනවාරි 17 - මොකක් වෙයිද..?

මුළු ලංකාවටම වැදගත් ජනවාරි 17 - මොකක් වෙයිද..?

පොලීසිය පැවසුවේ, මියගිය දරුවාගේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ දෙමව්පියන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වනදා ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළු කර තිබූ බවයි.

පසුදින (18) දහවල් 01.30ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර දරුවාව ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර, එම ශල්‍යකර්මය අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.

අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් සභාපතිවරයෙක් පත්වීම් ලබයි..!

අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් සභාපතිවරයෙක් පත්වීම් ලබයි..!

ඥාතීන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ, නතුරුව දෙමව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් විසින් එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු ඊයේ (22) සවස 4.30ට පමණ දරුවා මියගොස් ඇති බවත්ය.

ReeCha