ඉඩම් ආරවුල මරණයකින් කෙළවර වෙයි
නෙළුව – මිල්ලව ප්‍රදේශයේ අද දහවල් සිදුවූ ඉඩම් ආරවුලක් හේතුවෙන් 68 හැවිරිදි කඩේවත්ත වැලිගමගේ අයිවන් නැමැත්තා මිය ගොස් ඇති බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
පොලිස් වාර්තාව අනුව, මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පහල මිල්ලව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ ඉඩමේ වැඩ කර තිබේ. එතැනදී මොරවක පදිංචි පුද්ගලයෙකු සමඟ ඇතිවු ආරවුලක් හේතුවෙන්, සැකකරු පොල්ලකින් පහරදී අයිවන් ඝාතනයට ලක් කර ඇත.
මෙම අවස්ථාවේදී, ඔහුගේ බිරිඳට සුළු තුවාල සිදු වී තිබේ. මියගිය පුද්ගලයාගේ දේහය මොරවක රෝහලේ තැන්පත් කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතය.
සැකකරු අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා, ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති එච්.සි. පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් අනුව, නෙළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පතිජිව මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.