රුපියල් 20,000 ක අල්ලසක් ගත් වැඩබලන ස්ථානාධිපති අත්අඩංගුවට

Report

පෙරිය නීලාවණී පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් මුදලක් ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මීට පෙර සායින්දමරුදු පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, පෙරිය නීලාවණී පොලිස් ස්ථානාධිපති කාර්යාලය තුළදී රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී අද (17) පස්වරු 4.05 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාර පොලිස් පරීක්ෂකවරයාගේ නිල ඇඳුම් කොටස් පෙරිය නීලාවණී පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔහුව කල්මුණේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ