දිගටම පාඩු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට කරන්න යන දේ මෙන්න - ගන්න 19 දෙනෙක් ඇවිත්

Report

වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරන්නේ දිගින් දිගටම මූල්‍ය අලාභ ලබමින් පවතින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සිදු කිරීමට දේශීය හා විදේශීය ආයෝජකයින් 19 දෙනෙකු සිය කැමැත්ත පළ කර ඇති බවයි.

එසේම මෙම ආයෝජකයින්ගෙන් මිල ගණන් සහ සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තා ඇතුළත් නිල ආයෝජන යෝජනා කැඳවීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව ඔහු පවසයි.

ඒ අනුව ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු, ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන, ගුවන් නියමු පුහුණු පාසල් සහ ඒ ආශ්‍රිත අනෙකුත් වාණිජ කටයුතු වෙනුවෙන් මෙම ආයෝජන අවස්ථා විවෘත වෙයි.

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

මේ අතර අනුර කරුණාතිලක මහතා සඳහන් කර ඇත්තේ මත්තල ගුවන් තොටුපොළ රජයට බරක් නොවන ආයතනයක් බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත්, ඒ අනුව විනිවිදභාවයකින් යුත් පොදු ආකෘතියක් යටතේ මෙම ආයෝජන කටයුතු මෙහෙයවන බවත් ය.

කෙසේ වෙතත් ආරම්භයේ සිටම මෙසේ අඛණ්ඩව පාඩු ලැබීම හේතුවෙන්, පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් එහි මෙහෙයුම් කාර්යක්ෂම කිරීම රජයේ මූලික අරමුණ වී ඇති අතර මෙම ආයෝජන යෝජනා අතරින් වඩාත් වාසිදායක සහ ප්‍රායෝගික යෝජනා තෝරාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බව සඳහන්.

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි