නාවික හමුදාපති හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති අතර නිල හමුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති මෙම නිල හමුවේදී, ජාතික වැදගත්කමකින් යුත් විවිධ කාර්යයන්හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සපයනු ලබන දායකත්වය සහ කාර්යභාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශ්වය අතර සුහද අදහස් හුවමාරුවක් සිදු විය.
මෙම නිල හමුවීම සංකේතවත් කරමින්, නාවික හමුදාපතිවරයා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.