කුරුණෑගල - දඹුල්ල දක්වා දිවෙන මාර්ගය භාවිත කරන අයට සුබ ආරංචියක් - අවසන් සාකච්ඡාව හෙට

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළදී ආරම්භ කිරීමට හැකි බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා පැවසුවා.

ඒ අනුව අද (17) දින 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ජාතික යොවුන් සේනාංක කණ්ඩායම් සමඟ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ අබලන්ව ඇති උපකරණ අලුත්වැඩියා කිරීමේ නව වැඩපිළිවෙළකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම්, ලැබිය යුතු වන්දි ප්‍රමාණය මෙන්ම විහාර දේවාලගම් පනත යටතේ පැවැත්වෙන ඉඩම්වල පදිංචිකරුවන් අතර බරපතළ ප්‍රශ්න රැසක් තිබුණු බව පෙන්වා දුන් ඔහු, මේ වන විට ඒවා ක්‍රම ක්‍රමයෙන් විසඳෙමින් පවතින බව ද කියා සිටියා.

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

එමෙන්ම මේ වන විටත් වන්දි ගෙවීමේ කටයුතු සඳහා අවස්ථා ගණනාවක සාකච්ඡා පවත්වා අවසන් සාකච්ඡාව හෙට (18) දින කුරුණෑගල ප්‍රදේශයේදී පැවැත්වෙන බවද සුනිල් බියන්විල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ කොටස පිළිබඳව පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වූ බව ඔහු පැවසුවා.

විශේෂයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකු ඔස්සේ මෙම කටයුතු කඩිනමින් අවසන් කිරීම බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසූ අතර මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් දඹුල්ල, ගලේවෙල ආදී ප්‍රදේශවලට පමණක් නොව සංචාරකයන් සඳහාද සුවිශාල වූ දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව ඔහු පෙන්වා දුන්නා.

සියලුම පාරිභෝගිකයන්ට දැනුම්දීමක් - පොලිතීන්, ප්ලාස්ටික්, වතුර බෝතල් සහ මේ හෙල්මට් සම්බන්ධයෙනුත් නව නීති රැසක්

සියලුම පාරිභෝගිකයන්ට දැනුම්දීමක් - පොලිතීන්, ප්ලාස්ටික්, වතුර බෝතල් සහ මේ හෙල්මට් සම්බන්ධයෙනුත් නව නීති රැසක්

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි