විශේෂ අනාවරණයක් - බැංකු ලොක්කෝ උණ්ඩියල් ක්‍රමයට රටින් සල්ලි පන්නපු හැටි හෙළිවෙයි
මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් උණ්ඩියල් ක්‍රමවේදය ඔස්සේ නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත ප්‍රේෂණය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෞද්ගලික බැංකු 4 ක කළමනාකරුවන් සිව්දෙනා අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) පස්වරුවේ නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ පරීක්ෂණයකට අනුව, අදාළ බැංකු පරිශ්‍රයන් තුළදීම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙවැනි මූල්‍ය වංචාවකට බැංකු කළමනාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බව පොලීසිය පවසයි.
මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්
අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජෙෆ්රි මොහොමඩ් නමැත්තා ලබාදුන් ප්‍රකාශ මත පදනම්ව මෙම වැටලීම සිදුකර තිබේ.
ඔහු භාණ්ඩ ආනයනය කරන බව පවසමින් ව්‍යාජ සමාගම් 36 කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවා අදාළ බැංකු 4 හි ගිණුම් විවෘත කර ඇති අතර, භාණ්ඩ මෙරටට ගෙන්වා නොගෙන නීතිවිරෝධී ලෙස මුදල් පිටරට යවා ඇත.
මෙලෙස පිටවූ මුදල් අතරින් රුපියල් මිලියන 6.5 කට අධික ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබේ.
සැකකාර බැංකු නිලධාරීන් මෙම ජාවාරම්කරු සමඟ සිකුරාදා දිනවල පෞද්ගලිකව හමුවී, සමාගම් ලියාපදිංචිය නිසි පරිදි පරීක්ෂා නොකර අපරාධකාරී මනසකින් ආධාර අනුබල දී ඇති බව පරීක්ෂණවලදී හෙළි විය.
ඒ වෙනුවෙන් ජාවාරම්කරු විසින් අදාළ නිලධාරීන්ට සතිපතා රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති අතර, එක් කළමනාකරුවෙකුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද ලබාදී තිබේ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කළේ තම සේවාදායකයින් කනිෂ්ඨ නිලධාරීන් සහ කළමනාකරුවන් වන අතර, සමාගම්වල නීත්‍යානුකූලභාවය සෙවීම ඉහළ පරිපාලනයේ වගකීමක් බැවින් ඔවුන් ඇප මත මුදාහරින ලෙසයි.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.