සොනාල් දිනුෂගෙන් ශතකයක් – ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284 කට සීමා වෙයි
ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284 කට සීමා විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සොනාල් දිනුෂ පන්දු 168 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 100 ක් රැස්කර ගැනීමට සමත් විය.
පාස්කු ප්‍රහාර නඩුව තීරණාත්මක අවස්ථාවකට පිවිසෙයි - විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද සිට ඇරඹෙයි
ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 80 ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළේය. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් මනව් සුදාර් කඩුලු 4 ක් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූහ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462 ක් රැස්කරගත් අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 178 ක් ඉදිරියෙන් පසුවේ.