මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) වෙනුවෙන් ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක පමණ) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත.
එම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණ වන්නේ, ජපානයේ විවිධ විශ්වවිද්‍යාල හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ තරුණ පරිපාලන නිලධාරීන්ට පශ්චාත් උපාධි පුහුණුව ලබා දීමයි.
එමඟින් ඔවුන් අඳාළ ක්ෂේත්රවල අනාගත ජාතික නායකයින් බවට පත් කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කෙරෙනු ඇති බව සඳහන්.
එමෙන්ම 2027 වසරේදී ආරම්භ වන වසර 2ක පශ්චාත් උපාධි (Master's) පාඨමාලා හැදෑරීමට රාජ්‍ය අංශයේ නිලධාරීන් 15 දෙනෙකු ජපානය වෙත යැවීමට නියමිතව ඇත.
ඒ යටතේ රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර සංවර්ධනය, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මුල්‍ය හා ආයෝජන කළමනාකරණය, සහ කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන බව සඳහන්.
එයට අඳාළ ගිවිසුම් අද (17) දින කොළඹදී පැවැත්වුණු උත්සවයකදී අත්සන් කළ අතර ජපාන රජය වෙනුවෙන් ජපාන තානාපති අකියෝ ඉසෝමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊට අත්සන් තැබුවා.