උතුරු පළාතේ ඉන්න ජනතාවට නව ප්‍රමිතියක් - ඩො.මිලියන 3.5ක වියදමින් යාපනයට එන්න යන දේ

Report

ඇමෙරිකා ඩොලර් මිලියන 3.52ක් යොදවමින් යාපනයේ යාල් රෝයල් ප්ලාසා ව්‍යාපෘතිය සඳහා ගිවිසුමකට එළඹීම සුවිශේෂී ආයෝජන සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

එසේම උතුරු පළාතේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ නාගරික ජීවන රටාව වෙනුවෙන් නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂිත බව සඳහන්.

එමෙන්ම යාපනය ඓතිහාසික ඕල්ඩ් පාර්ක් ප්‍රදේශයේ සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය යාපනය සහ සමස්ත උතුරු පළාතේ අඛණ්ඩ ආර්ථික හා නාගරික සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ සැලකිය යුතු දායකත්වයක් නියෝජනය කරයි.

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

රථවාහන නැවැත්වීමට මහල් 6ක් නේවාසික මහල් 13ක් සහ නවීන නේවාසික ඒකක 78ක් මෙම සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් අතර මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම විශේෂ ආයෝජන පිවිසුමක් බව ආයෝජන මණ්ඩලය පවසයි.

එසේම මෙවැනි සංවර්ධනයක් උතුරු පළාතේ ක්‍රියාත්මක කරන අතරතුර යාපනය නගරයේ සුවිශේෂී අනන්‍යතාව සහ පරිසරය ආරක්ෂා කරගත හැකි පරිදි විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද සැලසුම වන බව සඳහන්.

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි