අත්අඩංගුවට පත් බැංකු කළමණාකරුවන් සුළු මොහොතකට පෙර රිමාන්ඩ් භාරයට
අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන විසින් ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් විදේශයන් වෙත යැවීමේ සිද්ධියකට අදාලව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික වාණිජ බැංකු 4ක කළමනාකරුවන් සිව් දෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.\
සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට
සිද්ධියට අදාල සැකකරුවන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය තහවුරු කළේය.
ඔබේ බැංකු ගිණුමේ මුදල් අනතුරේ - මහජනතාවට දැඬි අනතුරු ඇඟවීමක් - බැංකු නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් සොරකමක්