සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය වාර්තා කරන්නේ ඔවුන් සිව්දෙනාම අදාළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇති අතර මෙවැනි අත්අඩංගුවට ගැනීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය බවයි.

මේ රාජ්‍ය සේවකයන්ට ඉන්ධන දීමනාව තාම නෑ - නිලධාරීන්ව හෑල්ලු නොකර අවදානම්, සන්නිවේදන හා ඉන්ධන දීමනා ලබාදෙන්න

මේ රාජ්‍ය සේවකයන්ට ඉන්ධන දීමනාව තාම නෑ - නිලධාරීන්ව හෑල්ලු නොකර අවදානම්, සන්නිවේදන හා ඉන්ධන දීමනා ලබාදෙන්න

අදාළ නිලධාරීන් හතරදෙනාට මෙම ජාවාරම් සිදුකළ ප්‍රධාන පුද්ගලයා විසින් සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකුත් එක් අවස්ථාවක ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.