22 වන සංශෝධනය හෙට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

Report

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සංශෝධනය මගින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට අවශ්‍ය සංශෝධන එක් කිරීමට යෝජනා කර ඇත. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගත් තීරණයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ද විරෝධය පළ කළේය.

එම විරෝධතා මධ්‍යයේ අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් පසුගිය 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා දින 14ක කාලයක් හිමි වේ.

එවැනි පෙත්සමක් ඉදිරිපත් වුවහොත්, එය විභාග කිරීමෙන් අනතුරුව දින 3ත් 21ත් අතර කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දිය යුතුය.

හමුදා තුනේ පර්යේෂණ මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමට ජනපතිගෙන් විශේෂ උපදෙසක්

හමුදා තුනේ පර්යේෂණ මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමට ජනපතිගෙන් විශේෂ උපදෙසක්

ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගමකින් ශ්‍රී ලංකාවේ වරාය කේෂ්‍ත්‍රයට නව ආයෝජන අවස්ථා - කොළඹ වරායේ හදන්න යන දේ

ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගමකින් ශ්‍රී ලංකාවේ වරාය කේෂ්‍ත්‍රයට නව ආයෝජන අවස්ථා - කොළඹ වරායේ හදන්න යන දේ