බත්තරමුල්ලේ ප්‍රසිද්ධ හෝටලයක භෝජන සංග්‍රහ ශාලාවට කිඹුලෙක් රිංගයි [VIDEO]

By Aylin Zoya Aug 14, 2026 11:03 AM GMT
Report

බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක භෝජන සංග්‍රහ ශාලාවක් තුළ කිඹුලෙකු සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතී.

වාර්තා වන පරිදි, වැවකට යාබදව පිහිටි අදාළ හෝටලයේ භෝජන සංග්‍රහ ශාලාවට කිඹුලා ඇතුළු වී ඇති අතර, එම අවස්ථාවේදී හෝටල් කාර්ය මණ්ඩලය විසින් සත්වයා ආරක්ෂිතව පිටතට යොමු කිරීමට කටයුතු කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශනවලින් දැක්වෙන්නේ හෝටල් කාර්ය මණ්ඩලය උද්‍යානයට සහ වැව දෙසට විවෘත වන දොරටුවක් හරහා කිඹුලා පිටතට යොමු කරන ආකාරයයි.