පැතුම් නිස්සංකට ඉන්දීය රුපියල් කෝටි 4ක ලන්සුවක්
අබුඩාබි නුවරදී මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ද සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව තිබේ.
එහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ විශ්වාසනීය ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 04ක මුදලකට මිලදී ගත් බව වාර්තා වේ. එමෙන්ම මෙම වෙන්දේසිය තුළ ශ්‍රී ලංකික ක්‍රීඩකයෙකුට මෙතෙක් හිමි වූ ඉහළම වටිනාකම ලබාගැනීමට සමත් වූයේ වේග පන්දු යවන මතීෂ පතිරණයි. ඔහුට ඉන්දීය රුපියල් කෝටි 18ක විශාල මුදලක් වෙන් කරමින් කොල්කට් නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔහුව සිය කණ්ඩායමට එක්කර ගත්තේය.
එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ IPL වෙන්දේසියකදී ලැබුණු ඉහළම ගිවිසුම් වටිනාකම ලෙසත් සටහන් වෙයි. ඒ අතර තවත් ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන දඟ පන්දු යවන වනිඳු හසරංග ද මෙම වෙන්දේසියේදී අවධානයට ලක්විය. ඔහු ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත.
මේ අතර, මෙම වෙන්දේසියේ වැඩිම මුදලකට මිලදී ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ය. ඔහු සඳහා කොල්කට් නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 25යි දශම 2ක විශාල මුදලක් වැය කර තිබීමත් සමඟ IPL වෙන්දේසියේ ඉහළම වටිනා ගිවිසුම් හිමිකරුවා ලෙස ඔහු ඉදිරියට පැමිණ ඇත. මෙම වෙන්දේසිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩා වේදිකාවේ ඇති ඉල්ලුම තවදුරටත් තහවුරු වේ.