පුංචි ඡන්දයට ඇප බැඳපු පක්ෂ
එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සම්බන්ධව ආයතන 40ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 6ක් සහ ස්වාධීන කණ්ඩායම 19ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම් පවසනවා.
එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ, අදාළ ඡන්ද වීමසීම සඳහා මීට පෙර තැන්පත් කර තිබූ ඇප මුදල් වලින් රුපියල් මිලියන 110ක් මේ වන විට ගෙවා අවසන්කර ඇති බවයි.
එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් එම කොමිෂන් සභාවේදී පැවැත්වුණා.
අනතුරුව වැඩබලන පොලිස්පති ප්‍රියන්තවීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම ඡන්ද වීමසීමට අදාළ සමස්ත කාල සීමාවේ ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුනා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්, හෙට දිනයේදී රජයේ මුද්‍රණාලයාධිපති සහ තැපැල්පති සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ අතර ආයතන 40ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 6ක් සහ ස්වාධීන කණ්ඩායම් 19ක් මේ වන විට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මේ අතර එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී නව කාර්යාලයක් විවෘත කෙරුණා. ඒ, එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එවන් පසුබිමක එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්වැ තරඟ වැදීමට අපේක්ෂා කරන පුද්ගලයින් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණය ද අද පැවැත්වුණා.
අපේක්ෂකත්වය ලබා ගැනීමට පැමිණි පුද්ගලයින්ට මෙහිදි ආප්ප ලබා දී තිබුණා. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව පුටුව ලකුණින් තරඟ කිරීමට පොදුජන එක්සත් පෙරමුණ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‌යාලයේදී අද ඇප මුදල් තැන්පත් කළා.
ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ නගර සභා 5ක් සහ ප්‍රාදේශීය සභා 3කට අදාළවයි.
