තව අවුරුදු 7 - 8කින් රටේ ජනතාවට ඩොලර් ගලන ආර්ථිකයක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්

Report

තවත් වසර 7ක් හෝ 8ක් ගතවන විට ශ්‍රී ලංකාව තුළ විදේශ විනිමය ගලා එන ප්‍රබල ආර්ථිකයක් නිර්මාණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ප්‍රකාශ කරයි.

ජනහමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් රජය විසින් ආරම්භ කර ඇති දීර්ඝකාලීන ආර්ථික සැලසුම් සහ නිෂ්පාදනය මුල්කරගත් සංවර්ධන වැඩපිළිවෙළ හරහා රටේ විදේශ විනිමය ආදායම ඉදිරි වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවයි.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම, අපනයන ආදායම් වර්ධනය කිරීම සහ විදේශීය ආයෝජන නිසි පරිදි රට තුළට ආකර්ශනය කරගැනීම මගින් තිරසර ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැඟීම රජයේ මූලික අරමුණ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

උත්සව අවස්ථාවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ,

"තව අවුරුදු 7ක් 8ක් යනකොට අපේ රටේ ජනතාවට ඩොලර් ගලාගෙන එන ආර්ථිකයක් හදනවා. අධිවේගී මාර්ග වෙනදා හැදුවේ ලෝකයෙන් ණයට අරන්. 2029 වෙනකොට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය හදන්නේ අපේ සල්ලිවලින්. රඹුක්කන දක්වා අධිවේගී මාර්ගය 2028 වෙද්දි අවසන් කරනවා අපේ සල්ලි වලින්."

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි