තහනම් කෙරූ පාම් තෙල් ආනයනයට නැවත සූදානමක් ?

Report

පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා 2021 වසරේ සිට ක්‍රියාත්මක වන පාම්තෙල් ආනයන තහනම නැවත ඉවත් නොකරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් වන විශේෂ ලිපියක් අද (02) පෙරවරුවේ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දෙන ලදී.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

2021 වසරේ පැනවූ මෙම තහනම ඉවත් කර නැවත පාම්තෙල් ආනයනය කිරීමට ඇතැම් පාර්ශ්වයන් සූදානම් වන බවට තොරතුරු වාර්තා වන බව පෙන්වා දුන් ඒ මහතා, මෙම ක්‍රියාවලිය පිටුපස කූට ව්‍යාපාරිකයන් සහ දූෂිත නිලධාරීන් පිරිසක් සිටින බවට ද චෝදනා කළේය.

මහජන සෞඛ්‍යයට සහ දේශීය පොල්තෙල් කර්මාන්තයට සිදුවන හානිය සලකා අදාළ තහනම ඒ අයුරින්ම පවත්වාගෙන යන ලෙස එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි