NPP මන්ත්‍රී අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Report

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කඩුවෙල මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ, අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක භූමියක් බලහත්කාරයෙන් අත්කරගත් බවට වන චෝදනාවට අදාළවය.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

අදාළ ඉඩම පවිත්‍ර කර පසුගිය සැප්තැම්බර් 29 වනදා 'අතුරුගිරිය මෙට්‍රෝ බස් රථගාල' ලෙස විවෘත කිරීමට මොවුන් කටයුතු කර තිබූ අතර, එම භූමිය තමන් සතු එකක් බවට මිලේනියම් සිටි පාලනාධිකාරිය අතුරුගිරිය පොලීසියට ද පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 30 වනදා අසිත නිරෝෂන මන්ත්‍රීවරයා සහ රන්ජන් ජයලාල් නගරාධිපතිවරයා අතුරුගිරිය පොලීසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි