ක්‍රිෂ් ගනුදෙනුවේ ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි

Report

ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව ක්‍රිෂ් ට්‍රාන්ස්වර් ප්‍රයිවට් සමාගමේ ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) ප්‍රතික්ෂේප කළේය.

සිද්ධියට අදාළව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය. ලේඛන පදනම් කරගත් කරුණු පමණක් තිබූ පමණින් වරෙන්තු නිකුත් කළ නොහැකි බවත්, අදාළ සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව විමර්ශන නිලධාරියා විසින් 'බී' වාර්තාවක් මගින් අධිකරණයට තහවුරු කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා සාක්ෂි දෙමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිමල් හේමසිරි පෙරේරා හරහා ක්‍රිෂ් සමාගම් ගිණුමෙන් රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

මෙම සිද්ධියේ 3 වන සැකකාරිය වන ජානකී සිරිවර්ධන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, ප්‍රකාශ ලබාදීමට කැඳවීම් ලිපි යැවුවද ප්‍රතිචාර නොදැක්වූ ඉන්දීය අධ්‍යක්ෂවරුන් දෙදෙනාට නීතිමය පියවර ගැනීම සඳහා මෙලෙස වරෙන්තු ඉල්ලා සිටි බව නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

ඇඟට දැනෙන උෂ්ණත්වය ඉහළට - හෙට දවසේ ප්‍රවේශම් විය යුතු ප්‍රදේශ සහ සෞඛ්‍ය උපදෙස් මෙන්න

ඇඟට දැනෙන උෂ්ණත්වය ඉහළට - හෙට දවසේ ප්‍රවේශම් විය යුතු ප්‍රදේශ සහ සෞඛ්‍ය උපදෙස් මෙන්න