රට රැකියා සිහින පෙන්වා කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙකු කොටුවෙයි
නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 3ක මුදලක් වංචා කළ සැකකරුවෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වී තිබේ.
කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම රැකියා ලබා දෙන බව පවසමින් ගිවිසුම් පවා අත්සන් කර ඇති මෙම සැකකරු, කලක පටන් විමර්ශන ඒකකය මගහරිමින් සිටි අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලියාපදිංචි නොවූ විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් වෙත තොරතුරු, මුදල් හෝ ගමන් බලපත්‍ර ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.