වෙනස්ම කතාවක් විදිහට ‘ඩිංගා’ ඔක්තෝබර් මාසයේදී සිනමාහල්වලට [VIDEO]
නැවුම් සහ වෙනස්ම කතා තේමාවක් රැගත් ‘ඩිංගා (Dinga)’ සිනමාපටය එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතයි.
මෙය ඩිලංක රංගනාත්ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය වන අතර, පසුගිය සරසවිය සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ තුසිත ලක්නාත් ප්‍රධාන චරිතයට පණ පොවයි.
තිලක්ෂණී රත්නායක, තුමිඳු දොඩන්තැන්න, සංජානා ඔනාලි, අංජන ප්‍රේමරත්න, දිලුම් බුද්ධික සහ උදාර අබේසුන්දර ඇතුළු පිරිසක් ද රංගනයෙන් එක්වෙති. ‘ඩිංගා’ගේ ජීවිතය හරහා ආර්ථිකය, උගත්කම, සමාජ තත්ත්වය සහ පෙනුම වැනි කරුණු අතරින් ආදරය සොයන තරුණයෙකුගේ කතාව චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරෙයි.
ලක්මාල් ධර්මරත්න, උදාර අබේසුන්දර සහ ප්‍රිමාල් රණසිංහ නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටයේ කැමරාකරණය ස්ට්‍රයිනර් ඇඩම්ස් විසින් ද, සංස්කරණය දමිත චන්ද්‍රසිරි විසින් ද සිදුකර තිබේ.
නිර්මාණකරුවන් පවසන්නේ සමාජයේ සිටින ‘ඩිංගා’ වැනි සාමාන්‍ය චරිතයක කතාවක් සිනමාවට ගෙන එන වෙනස්ම නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටය ඉදිරිපත් කරන බවයි.