ඇඟට දැනෙන උෂ්ණත්වය ඉහළට - හෙට දවසේ ප්‍රවේශම් විය යුතු ප්‍රදේශ සහ සෞඛ්‍ය උපදෙස් මෙන්න
By Kanchana
හෙට දිනය සඳහා බලපැවැත්වෙන පරිදි උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව, දිවා කාලයේදී එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය (Heat Index) ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ (Caution Level) දක්වා ඉහළ යා හැකිය.
ඒ අනුව, ප්‍රමාණවත් ලෙස ජලය පානය කර ශරීරයේ ජල මට්ටම නිසි ලෙස පවත්වා ගැනීමත්, හැකි සෑම අවස්ථාවකදීම සෘජු හිරු එළියට දිගු වේලාවක් නිරාවරණය වීමෙන් වැළකී සිටීමත් වැදගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, දවසේ උෂ්ණත්වය ඉහළම මට්ටමක පවතින කාලසීමාවේදී වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
[RXNG3SY[