අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ UAE තානාපති අතර විශේෂ හමුවක්

Report

අග්‍රාමාත්‍‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති ఖාලිඩ් නසර් අල් අමේරි මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (02) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගයට අග්‍රාමාත්‍යවරිය මෙහිදී UAE රජයට සිය ස්තූතිය පළ කළාය. එළැඹෙන දෙසැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජල සමුළුව සඳහා සහභාගී වන ලෙස තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරියට නිල ආරාධනයක් ද සිදුකරන ලදී.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මීට අමතරව, ශ්‍රී ලාංකික නිපුණ ශ්‍රමිකයන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම, වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය මෙන්ම කෘෂිකාර්මික තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ වරාය, ගුවන් සේවා සහ මෙරට කලාපීය ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ගේ පවතින දැඩි උනන්දුව ද තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රිමාන්ඩ්

මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රිමාන්ඩ්