ඉරාන නෞකාවලට සේවා හෝ සැපයුම් ලබා දුනහොත් ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් අනතුරු ඇගවීමක්

Report

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා හෝ සැපයුම් ලබා දුනහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ද්විතීයික සම්බාධක පැනවීමේ අවදානමක් පවතින බවට මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇති බව ඇමෙරිකාවේ 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත වාර්තා කරයි.

හෝමුස් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ඇමෙරිකාව පැනවූ නාවික අවහිරතාව හේතුවෙන් චීනයට බොරතෙල් ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ ඉරාන හිස් තෙල් නැව් 20ක් පමණ මෙරට නිරිතදිග වෙරළේ සිට සැතපුම් 15ක් නුදුරින් නැංගුරම් ලා තිබේ.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මාස කිහිපයක් පුරා කොටුවී සිටින මෙම නෞකාවල නාවිකයින් බරපතළ ලෙස ආහාර, ඉන්ධන සහ පානීය ජල හිඟයෙන් පීඩා විඳින අතර, ඔවුන්ගෙන් ආහාර ඉල්ලා මානුෂීය ඉල්ලීම් ලැබුණද ඇමෙරිකානු සම්බාධක බිය සහ රජයේ අනුමැතිය නොමැතිවීම නිසා සේවා සැපයීමට මෙරට නැව් නියෝජිතයෝ මැලිබවක් දක්වති.

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මෙම නෞකාවලට සහාය දැක්වීමෙන් වළකින ලෙස ඇමෙරිකානු බලධාරීන් පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී රජයට දැනුම් දී ඇති අතර, සම්බාධක පනවා ඇති නෞකාවලට නොදැනුවත්ව හෝ සහාය වීමෙන් සිදුවන නීතිමය පාඩුව පිළිබඳව මෙරට නිලධාරීන් 40 දෙනෙකු දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර කොළඹ වරාය සීමාවට පැමිණි ඉරාන බහාලුම් නෞකා දෙකකට ද සේවා සැපයීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපදෙස් දී ඇති බව අදාළ පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.