මව සහ සිඟිති පුතුට මරු කැඳවූ අනාරක්ෂිත විදුලි රැහැන

By Gagana News Mar 06, 2025 11:43 AM GMT
Report

සූරියවැව රන්දියගම ප්‍රදේශයේ දී කාන්තාවක් සහ ඇයගේ කුඩා පුතු විදුලි සැර වැදි මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක් වන එනෝෂා හර්ෂණී සහ අවුරුදු 5ක් වයසැති ගඟන ඉඳුවර නැමැති ඇයගේ පුංචි පුතුයි.

ඊයේ (05) සවස මෙම පුංචි පුතු පෙර පාසල් ගොස් පැමිණ නිවස පිටුපස ප්‍රදේශයේ සිය කුඩා පාපැදිය පදිමින් සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ නිවස ආසන්නයේ පිහිටි ඉඩමේ ඇති බේකරියක සහ නවතා තිබූ ලොරි රථයක ආරක්ෂාවට නීතිවිරෝධි ලෙස ඇඳ තිබූ විදුලි කම්බියක මෙම සිඟිත්තා පැටලී තිබේ.

සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?

සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?

මිඳුලේ සෙල්ලම් කරමින් සිටි පුතු ගැන සොයාබැලීමට එම ස්ථානයට ගිය මව, සිය පුතු විදුලි කම්බියේ පැටලී ඇති බව දැක කෑ ගසමින් පුතු බේරා ගැනීමට උත්සාහ දැරීමේදී මවට ද විදුලි සැර වැදී ඇති අතර ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ නීතිවිරෝධීව ඇද තිබූ අනාරක්ෂිත විදුලි කම්බියේ විදුලිය ඒ වන විටත් විසන්ධි කර නොතිබුණු බවය. මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

මගේ මනාප ආයේ ගණින්න - රාජිතගෙන් පෙත්සමක්

මගේ මනාප ආයේ ගණින්න - රාජිතගෙන් පෙත්සමක්