පාර්ලිමේන්තුවේ මැයි 8 සහ 9 මොනවද වෙන්නේ?
පාර්ලිමේන්තුව 2025 මැයි 8 සහ 9 යන දිනවල රැස්වීමට තීරණය කර ඇත.
මෙම තීරණය 2025 මැයි 2 වන දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගනු ලැබිණි.
ඒ අනුව, මැයි 8 වන දින පෙ.ව. 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇත.
එසේම, පෙ.ව. 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලටත්, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නවලටත් කාලය වෙන් කර ඇත.
පසුව, පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා රේගු ආඥා පනතේ (235 අධිකාරිය) ‘අ’ උපලේඛනය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.
මැයි 9 වන දින පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් විවාද කිරීමට කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
