TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව
TikTok සමාගමට යුරෝ මිලියන 530ක දඩයක් පනවා ඇත.
මෙය අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම (DPC) විසිනි.
යුරෝපීය ආර්ථික කලාපයේ (EEA) පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කිරීම හේතුවෙන් අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම විසින් TikTok සමාගමට මෙම දඩය නියම කර ඇත.
මෙම මුදල ඩොලර් මිලියන 601කට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය යුරෝපීය සංගමයේ GDPR දත්ත ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනයක් බව වාර්තා වේ.
අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසමේ නිලධාරීන් පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදය සහ ඔත්තු බැලීම සම්බන්ධ දේශීය නීති යටතේ යුරෝපීය පරිශීලකයින්ගේ දත්ත චීන බලධාරීන්ට ප්‍රවේශ විය හැකි බවත්, එය EU ප්‍රමිතීන්ට පටහැනි බවත්ය.
අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම තවදුරටත් පැවසුවේ, TikTok සමාගම පවසා ඇති පරිදි යුරෝපීය ආර්ථික කලාපයේ (EEA) පරිශීලකයින්ගේ දත්ත චීනයේ සේවාදායකයන්හි ගබඩා නොකළ බවයි.
කෙසේ නමුත්, TikTok හි යුරෝපය සඳහා වන මහජන ප්‍රතිපත්ති හා රජයේ සබඳතා ප්‍රධානී ක්‍රිස්ටීන් ග්‍රාන් පැවසුවේ, අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසමේ තීරණයට එකඟ නොවන බවත්, TikTok හි නව දත්ත ආරක්ෂණ මුලපිරීම් සලකා බැලීමට අපොහොසත් වූ බැවින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
