ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නයි දැනුම්දෙයි..
Ranil Wickremesinghe
Sri Lanka
By Sithumi
ජනපති කාර්යාලය මගින්, පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබේ. එනම් නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.
ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බවයි දැක්වෙන්නේ.
නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.
අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරිමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |